Wednesday, April 24, 2024

General line - 0115112241

නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරය සාධාරණිය කළ සෙනට් සභිකයාට "බිත්තර ප්‍රහාරයක්" (VIDEO)

දිනුක් හේවාවිතාරණ




නවසීලන්තයේ ක්‍රයිස්ච්ර්ච් හිදී මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළකරනු ලැබූ ඕස්ට්‍රේලියාවේ ස්වාධින සෙනට් සභිකයෙකුට 17 හැවිරිදි තරුණයෙක් විසින් බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කුවීන්ස්ලන්ත ප්‍රාන්තය නියෝජනය කරනු ලබන ෆ්රේසර් ඇනින්ග් ප්‍රකාශ කර සිටියේ නවසීලන්තයේ පවතින ලිහිල් සංක්‍රමණික නීති හේතුවෙන් මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් එරටට සංක්‍රමණය වීම නිසා මෙම ප්‍රහාරය එල්ල වූ බවයි. 

දැඩි අන්තගාමි මත දරන්නෙක් වශයෙන් නම් දරා සිටින මෙම සෙනට් සභිකයාගේ ප්‍රකාශයත් සමග අසල සිටි තරුණයෙක් ඔහුගේ පිටු පසින් සිට හිසට බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ ඔහු නවසිලන්ත ප්‍රහාරය සිදුකළ ප්‍රහාරකයාට සහය පළකරමින් සිදුකරමින් කල ප්‍රකාශයට විරෝධය පළකරමින්.

බිත්තර ප්‍රහාරය එල්ල වීමත් සමග අදාළ සෙනට් සභිකයා විසින් එම තරුණයාට පහර කිහිපයක් එල්ල කරන අයුරු දක්නට ලැබෙන අතර එහිදී ආරක්ෂක නිළධාරින් මැදිහත්ව අදාළ තරුණයා බේරා ගෙන ඇති අතර ඔහු පසුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇත.

සෙනට් සභික ෆ්රේසර් ඇනින්ග්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා ප්‍රබල අප්‍රසාධයක් එල්ල වෙමින් පවතිනවා. ඕස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් පවා ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව පළකර ඇති අතර ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ ෆ්රේසර් ඇනින්ගේ ප්‍රකාශය තුලින් ඕස්ට්‍රේලියාවේ මතය එය නොවන බවයි.