Wednesday, April 24, 2024

General line - 0115112241

ක්‍රයිස්චර්ච් ප්‍රහාරයෙන් ආසියාවේ 09 දෙනෙක් ජිවිතක්ෂයට

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර පිහිටි ඉස්ලාම් දේවස්ථාන 02ක් ඉලක්ක කර ඊයේ එල්ල වූ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූවන් අතර සිය රට වැසියන් 06දෙනෙකු ද සිටින බව පකිස්තානය අද (16) තහවුරු කළා. විදෙස් වාර්තා පැවසුවේ 71හැවිරිදි වියේ පසුවන ඇෆ්ගනිස්තාන වැසියෙකු ද ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි.

එසේම වෙඩික්කරුගේ ප්‍රහාර වැළැක්වීමට උත්සහ කළ පකිස්තානු ජාතිකයෙකු සහ ඔහුගේ පුත්‍රයාද ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර ඉන්දියානු වැසියන් දෙදෙනෙක ද ප්‍රහාරයන් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.