Friday, April 19, 2024

General line - 0115112241

යාපනය අරියාලේ උණුසුම් තත්ත්වයක් - 05ක් අත්අඩංගුවට

දිනසේන රතුගමගේ /මාධව කුලසූරිය




පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනය අරියාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේ යාපනය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ එහි සිටි පිරිස් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහිදී අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් මුදා ගැනීමට තැත් කර ඇති මෙම සැකකරුවන් පොලිස් නිලධාරීන්ටද පහරදී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් පස් දෙනා අතර කාන්තාවන් තුන් දෙනෙකුද වන බවයි පොලීසිය පැවසුවේ.

වැලි පැටවීමට යොදාගත් ට්‍රැක්ටර් රථයක් සහ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 18 ත් 34 ත් අතර වයස් සීමාවන්වල පසුවන පුද්ගලයන් පස් දෙනෙක්. අත්අඩංගුවට ගැණුනු සැකකාරියන් තුන්දෙනා ඇතුළු පුද්ගලයින් 5 දෙනා යාපනය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.