Saturday, April 20, 2024

General line - 0115112241

එක්දින තරගයේදී දිමුත් ගෙන් ශතකයක්

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ශතකයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. 

සිංහල ක්‍රීඩා සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙන ප්‍රිමියර් ලීග් එක්දින තරගාවලියේ අර්ධ අවසන් තරගයේදී දිමුත් කරුණාරත්න පන්දු 115 කදී ලකුණු 109ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 12ක්ද ඇතුලත් විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ සිංහල ක්‍රීඩා සමාජය සිය පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 296ක් රැස් කර ගනු ලැබුවා. එහිදී දිමුත්ගේ ශතකයට අමතරව කෞෂාල් සිල්වා ලකුණු 62ක් වාර්තා කිරීමට සම්ත්වුවා.

ලකුණු 297 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යන සැරසන්ස් කණ්ඩායම මේ වන විට පන්දු ඕවර 28ක් අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 130ක් රැස් කර ගෙන සිටිනවා.