Friday, April 19, 2024

General line - 0115112241

නෙදර්ලන්තයේ ජනාකීර්ණ නගරයක වෙඩි තැබීමෙන් තිදෙනෙක් ජිවිතක්ෂයට : CCTV දර්ශන ඔස්සේ තුවක්කුකරු හඳුනා ගනියි (PHOTOS /VIDEO)




නෙදර්ලන්තයේ යූට්රෙක්ට් නගරයේ ට්‍රෑම් රථයක් ඉලක්ක කර ගනිමින් තුවක්කුකරුවෙක් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 9 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

නෙදර්ලන්ත පොලිසිය පැවසුවේ ප්‍රහාරය එල්ල කරනු ලැබු වෙඩික්කරු ප්‍රහාරය එල්ල කොට කාර් රථයකින් පළා ගොස් ඇති බවයි. පසුව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී එම කාර් රථය ඔහු යුට්රෙක්ට් නගරයට ආසන්න අධිවේගී මාර්ගයක් ආසන්නයේ දමා ගොස් තිබියදී හමුවූ බවට විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ 37 හැවිරිදි තුර්කි ජාතිකයෙක් බවට හඳුනා ගෙන ඇති බව එරට පොලිසිය පවසනවා. ඒ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට මොහොතකට පෙර සැකකරු සිටින CCTV දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

මේ වන විට යූට්රෙක්ට් නගරයේ ආරක්ෂාව මේ වන විට තරකර ඇති අතර නගරයේ පාසැල් සියල්ලක්ම වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.