Tuesday, March 19, 2024

General line - 0115112241

අද සවස 5 දක්වා පැමිණිළි භාර දීමට අවස්ථාව




2015 ජනවාරී 15 වැනිදා සිට 2018 වසර අවසන් වන තෙක් රාජ්‍ය ආයතනවල සිදු වූ දූෂණ සහ වංචා සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසන් සභාව වෙත පැමිණිලි භාර ගැනීම අදින් (19) අවසන් වනවා.

කෙසේවෙතත් අද පස්වරු 05.00 දක්වාත් තවදුරටත් පැමිණිලි භාරදිය හැකි බවයි එම කොමිසන් සභාව පවසන්නේ. 

මේ වනවිට පැමිණිලි 950ක් පමණ මෙම කොමිසන් සභාව වෙත ලැබී තිබෙනවා. ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් මූලික විමර්ශන දැනටමත් ආරම්භ කර තිබෙන බවයි එහි ප‍්‍රකාශකයෙකු කියා සිටියේ.