Tuesday, March 19, 2024

General line - 0115112241

කණ්ඩායමේ එකමුතුකම ගොඩනැගීමට හැකි එකම නායකයා ගැන තේරීම් කමිටුවට අදහසක්

කසුන් කැළුම්




මෙවර එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගවාරය අතහැර දමා අන්තර් පළාත් එක්දින තරගාවලිය සඳහා සහභාගි වන ලෙස ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට කි‍්‍රකට් තේරීම් කමිටුව දන්වා තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට බොහෝවිට හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක කුසලාන සංචිතයට තෝරාගත හොත් එංගලන්ත ප‍්‍රාන්ත තරගාවලියේදී හැම්ප්ෂයර් කණ්ඩායම නියෝජනය කිරීමට මෙවර තමන්ට හැකියාව නොලැබෙන බව දිමුත් කරුණාරත්න කි‍්‍රක්ඉන්ෆෝ වෙබ් අඩවියට සඳහන් කර තිබෙනවා.

වත්මන් එක්දින නායකයා ලෙස කටයුතු කරන ලසිත් මාලිංග නායකත්වය දැරූ එක්දින තරග නවයම පරාජයට පත්ව තිබීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය සඳහා නව නායකයෙකු පත්කර ගැනීමට කි‍්‍රකට් තේරීම් කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා.

දකුණු අපි‍්‍රකාවට එරෙහිව ලද ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණය සඳහා නායකත්වය ලබාදුන් දිමුත් කරුණාරත්න කණ්ඩායමේ එකමුතුකම ගොඩනැගීමට හැකි එකම නායකයා බවටයි තේරීම් කමිටුවේ අදහස වී ඇත්තේ.

දිමුත් කරුණාරත්න අවසන් වරට එක්දින තරගයකදී ශී‍්‍ර ලංකාව නියෝජනය කළේ 2015 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදීයි.