Tuesday, March 19, 2024

General line - 0115112241

විස්සයි විස්ස පළමු තරගය අද - තරග 06කදී ජයග්‍රහණය කරා කාණ්ඩායම මෙහෙය වු නායකයා අදත්

කසුන් කැළුම්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරග 3කින් සමන්විත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (19) පැවැත්වෙනවා. 

ඒ කේප්ටවුන් හිදියි. 

රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 9.30ට ආරම්භ වනවා. 

මේ දක්වා දෙරට අතර පන්දුවාර විස්ස තරග 10ක් පවත්වා ඇති අතර ඉන් තරග 5 බැගින් ජය ගැනීමට දෙපිලම සමත් වුණා. 

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී මේ දක්වා සහභාගි වූ පන්දුවාර විස්ස තරග 8න් ජයගෙන ඇති තරග සංඛ්‍යාව 5ක්.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර විස්ස තරගාවලි 3න් තරගාවලි දෙකක ජය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. 
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති අවසන් පන්දුවාර විස්ස තරගාවලි දෙකම ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්ව තිබීම කැපී පෙනෙනවා. 

අද තරගයේදී ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර ෆෆ් ඩු ප්ලෙසිස් දකුණු අප්‍රිකානු කණ්ඩායමට නායකත්වය ලබාදෙනවා. 

මේ දක්වා පන්දුවාර විස්ස තරග 10කදී ශ්‍රී ලංකාවට නායකත්වය ලබාදුන් ලසිත් මාලිංග ඉන් තරග 6කදී ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා මෙහෙය වූවා. 

දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර විස්ස ශ්‍රේණිගත කිරීම් සටහනේ පස්වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව එම සටහනේ පසුවන්නේ 9 වැනි ස්ථානයේයි.