Friday, April 19, 2024

General line - 0115112241

රා මැදීමට පොල්ගස් හැත්තෑ දහසක් ඉල්ලන මැතිඇමති පොරය ගැන මැතිසබයේදී අනාවරණයක්

සමන්ත කුමාර




අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ අද (19) 6 වන දිනයයි.

ඩිජිටල් යටිතල පහසුකම්, තොරතුරු තාක්‍ෂණ සහ විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍යාංශවල සහ රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ 5 ක් අද විවාදයට ගැණෙනවා.

විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පෙන්වා දුන්නේ විද්‍යාව ප්‍රචලිත කිරීම වගේම මිත්‍යාව වැපිරවීම නතර කිරීමටද වැඩපිළිවෙලක් තිබිය යුතු බවයි. 

රාජ්‍ය ව්‍යාපාර කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ලද විවාදයට එක් වුණා. ඔහු සඳහන් කළේ "මම පාර්ථනා කරනවා ඉදිරි කාලයේදී හුඹස් බිය නැතිවෙලා රට සංවර්ධනය කිරීමට හැකියාව ලැබෙයි කියලා." යනුවෙනි.

මේ අතර රා මැදීම සඳහා පොල් ගස් හැත්තෑ දහසකට බලපත‍්‍ර ඉල්ලා සිටින මැතිඇමතිවරුන් සම්බන්ධයෙන් පළ වූ වාර්තා සම්බන්ධයෙන් වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප‍්‍රශ්නවාරයේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස ප‍්‍රශ්නයක් යොමුකළා.

එහිදී සඳහන් කෙරුණේ "පොල් ගස් හැත්තෑදහසකට රා වරම ඉල්ලා දේශපාලන පොරයක් කියලා ඔබතුමා දකින්න ඇති. මේ වෙන කොහෙවත් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ. ඒ පොල් ගස් හැත්තෑදහසෙන් 38000ක් ඉල්ලන්නේ ප්‍රශ්නගත සමාගමකට අයත් ස්කාගාරයක් විසින්. මේ ඉල්ලන අයට ලයිසන් එක දෙන්න කියලා ඇමතිවරු හා මන්ත්‍රිවරු 06 දෙනෙක් දෙපැත්තෙම. හිටපු ඇමතිවරුත් ඉන්නවා..දැන් ඉන්න අයත් ඉන්නවා." යනුවෙනි.

ඊට පිළිතුරු ලබාදුන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්නයි.