Friday, April 26, 2024

General line - 0115112241

ඇමති නිල නිවාසවල ඉන්න මන්ත්‍රිවරු

දිල්ශාන් තුෂාර




වත්මන් රජයේ ඇතැම් අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට මෙතෙක් නිල නිවාස ලැබී නොමැති බව වාර්තා වනවා.

ඉකුත් ජාතික ආණ්ඩුව සමග එක්ව සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මැතිඇමතිවරුන් එම නිල නිවාස මෙතෙක් ලබාදී නොමැති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

අමාත්‍ය පී. දිගම්බරම්, රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මෙන්ම උතුරු නැගෙනහිර මැතිඇමතිවරුන් රැසකට තවමත් නිල නිවාස ලැබී නොමැති බවයි අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ.

තවමත් එම නිල නිවාසවල රැදි සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ට ඉන් ඉවත් වන ලෙස ලිඛිතව අවස්ථා කිහිපයකදී දැනුම් දුන් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.