Friday, April 19, 2024

General line - 0115112241

වැලිකඩ සිරකරුවෙකුට දිවි එපා වෙයි

නිශාන් ද සිල්වා




වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විදින සිරකරුවෙකු සිය දිවි හානිකර ගෙන තිබෙනවා. වයස අවුරුදු 37 ක් පමණ වන මොහු ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින අයෙකු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

දුම්බර බන්ධනාගාරයේ රදවා සිටි සිරකරු මීට මාස 2 කට පමණ පෙර වැලිකඩ බන්ධනාගාරයට මාරු කර තිබුණා. එහි ‘එල්’ වාට්ටුවේ රදවා සිටි මොහු අද (19) පෙරවරුවේ සියදිවි හානිකර ගෙන ඇත්තේ වැසිකිලියේදී බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.