Wednesday, April 24, 2024

General line - 0115112241

කොළඹ නගරයේ දැඩි වාහන තදබදයක් : ස්ථාන කිහිපයක විරෝධතා (PHOTOS)

දිනුක් හේවාවිතාරණ / මහේෂ් චතුරංග




සබරගමුව විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වන විරෝධතාවයක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස, මරදාන සහ පුරහල ඇතුළු මාර්ග කිහිපයක දැඩි වාහන තදබදයක් පවතිනවා.

විශ්ව විද්‍යාල කොමිෂන් සභාව ඉදිරිපිට රැස්ව සිටි සරසවි සිසුන් විසුරුවා හැරීමට පොලිසිය විසින් අධි පීඩන ජල ප්‍රහාරයක් සහ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර කොමිෂන් සභාවට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබා දී තිබෙනවා.

ඊට අමතරව සරසවි සිසුන් පිරිසක් නාරාහේන්පිට ප්‍රදේශයේ සිදුකරනු ලබන විරෝධතාවයක් හේතුවෙන් බොරැල්ල ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලිසිය සඳහන් කරනවා. 

පුත්තලම අරුවක්කුලම ප්‍රදේශයට කසල බැහැර කිරීමට එරෙහිව පවත්වනු ලබන විරෝධතාවයක් හේතුවෙන් ගාලු මුවදොර ආසන්නයේ දැඩි වාහන තදබදයක් පවතිනවා. පොලිසිය පවසන්නේ කොළඹ නගරයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් පවතින බවයි.