Thursday, March 28, 2024

General line - 0115112241

"ඉඩායි සුළිකුණාටුව" මොසැම්බික් රාජ්‍ය වනසයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




මොසැම්බික් රාජ්‍යට බලපෑ "ඉඩායි සුළිකුණාටුව" හේතුවෙන් පුද්ගලයින් 1000කට අධික පිරිසක් මිය යන්නට ඇති බව එරට රජය පවසනවා. පසුගියදා බලපෑ මෙම සුළි කුණාටුව හේතුවෙන් මොසැම්බික් රාජ්‍යයේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී තිබෙන අතර ඇතැම් ස්ථාන කරා සහන සේවකයින්ට ලගා වීමට මේ දක්වා නොහැකි බව වාර්තා වනවා.

පැයට කිලෝමීටර් 177 ක වේගයෙන් හමා ආ  "ඉඩායි සුළිකුණාටුව" මොසැම්බික් රාජ්‍යට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව බවයි කාලගුණ බලධාරීන් සදහන් කරන්නේ. මෙම සුළි කුණාටුවෙන් එරට ලක්ෂ 6ක පමණ ජනතාව පිඩාවට පත්ව ඇති බවත් බෙයිරා ප්‍රාන්තයේ සිරවී සිටින ලක්ෂයකට ආසන්න ජනතාව වහාම මුදවා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවයි.

විදෙස් මාධ්‍ය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියෙක් ප්‍රකාශ කර ඇත්තේ මියගිය ඇතැම් පුද්ගලයින්ගේ සිරුරූ ජලාශ දිගේ පාවෙමින් යන බවත් ඒවා ගොඩ ගැනීමට තරම් අවශ්‍ය සහන සේවා කණ්ඩායම් නොමැති වීම ගැටළුවක් බවයි.