Friday, April 26, 2024

General line - 0115112241

එක්සත් ලංකාවට එකඟ නොවුනොත් දෙකට නොව හතරට කඩන්නත් සූදානම් බවට ශිවාජිලිංගම්ගෙන් ප්‍රකාශයක්

ඩිල්ෂාන් මඩවල




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධාන සැසිවාරයට සමගාමීව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ පැවති සමාන්තර සැසිවාරයක දී නොසන්සුන්තාවක් ඇති වුණා. මෙම සැසිය සංවිධාන කර තිබුණේ දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රී එම් කේ ශිවාජිලිංගම්ගේ මෙහෙයවීමෙන්. එහිදී පළ වූ අදහස් හේතුවෙන් එම් කේ ශිවාජිලිංගම් සහ ශ්‍රී ලාංකික නියෝජිතයින් අතර නොසන්සුන්තාව ඇති වුණා. 

මෙම නොසන්සුන් අවස්ථාවේ ආවේගශීලිව කතා කළ එම් කේ ශිවාජිලිංගම් වරෙක ප්‍රකාශ කළේ එක්සත් ලංකාවක් සඳහා තමන් එකඟ වී ඇති බවත් ඊට අවස්ථාව නොලැබුණහොත් දෙකට නොව හතරට කැඩීමට වුවද කටයුතු කරන බවයි. ශ්‍රී ලංකා හමුදාවන්ට යුද අපරාධ චෝදනා කළ ද එල් ටී ටී ඊය විසින් සිදු කළ යුද අපරාධ සම්බන්ධයෙන් කතා නොකරන්නේ මන්දැයි ශ්‍රී ලාංකික නියෝජිතයින් මෙහිදී දිගින් දිගටම ප්‍රශ්න කර සිටියා. 

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි නොගසන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බල කරමින් ද ජිනීවාහි පැවැත්වෙන සමාන්තර සැසිවල දී අදහස් පළ වනවා.