Friday, April 19, 2024

General line - 0115112241

ඉන්ධන සහ කිරිපිටිවලට මෙන්ම වී වලටත් මිල සූත්‍රයක් ගෙන එන්නැයි යෝජනා

මහේෂ් චතුරංග




ඉන්ධන සහ කිරිපිටි සඳහා මෙන්ම වී සඳහා ද මිල සුත්‍රයක් හඳුන්වා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන ආණ්ඩුවට යෝජනා කරනවා. ඔහු මෙම යෝජනාව කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීයි. 

අස්වනු සඳහා නිසි මිලක් නොලැබීම හේතුවෙන් වී ගොවීන් මෙම කන්නයේ ද පීඩාවට පත්ව සිටින බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.