Friday, March 29, 2024

General line - 0115112241

ජාතික හැඳුනුම්පත් අපේක්ෂා කරන උසස් පෙළ හා සා/පෙළ අයදුම්කරුවන්ට සිහි කැඳවීමක්




ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා නියමිත අයදුම්පත්‍ර ලබන 31 වනදාට පෙර තමන් වෙත යොමු කරන්නැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මෙවර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටින අයදුම්කරුවන්ට නැවත දැනුම් දෙනවා.

විදුහල්පතිවරුන් සහ පරිවේණාධිපතිවරුන් මඟින් ද මෙම දැනුම් දීම කර ඇති බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ. එසේ තිබියදීත් මෙවර උසස්පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටින බොහෝ අයදුම්කරුවන් තවමත් නියමිත අයදුම්පත්‍ර යොමු කර නොමැති බවද ඔවුන් පැවසුවා.

යොමු කර ඇති අයදුම්පත්‍ර බොහෝමයක් ද නියමිත උපදෙස් පිළිනොපැද අඩුපාඩු සහිතව යොමු කර ඇති බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. අයදුම්පත්‍ර යොමු කිරීම මෙලෙස ප්‍රමාද වීම නිසා අදාළ විභාගවලට පෙර ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම අභියෝගයක් වන බවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවා.