Thursday, April 25, 2024

General line - 0115112241

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අද




මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබෙනවා.

බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම මෙම පොහොය දිනයේදී සිදුව ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

බුදුරජානන් වහන්සේ තම පියාගේ ආරාධනාවකට අනුව සිය ඥාතීන් බැහැහැකීමට කිඹුල්වත් නුවරට වැඩම කරන්නේ අද වන් දවසකයි. ශාක්‍යන්ගේ මානය බිඳ දැමීම, සුද්ධෝදන පියරජතුමා තෙවන වරට සිය පුතුට වන්දනා කිරීම, සුද්ධෝදන රජතුමා මාර්ගඵල ලාභී වී යශෝධරාවගේ ගුණ වර්ණනා කිරීම, රාහුල කුමරු පැවැදි කිරීම වැනි වටිනා කාර්යයන් කිහිපයක්ම සිද්ධ වූ උතුම් පොහෝ දිනයක් ලෙසයි මෙම පොහොය සැළකෙන්නේ. 

බුද්ධ චරිතයේ මෙම වැදගත් සිදුවීම් සිහිපත් කරමින් අද බෞද්ධ සැදැහැවතුන් දාන, ශීල හා භාවනා ආදී පිංකම්වල කටයුතු කරනු ඇති.