Thursday, March 28, 2024

General line - 0115112241

ජපානයෙන් කොටස් ගෙන්වා නීති විරෝධී ලෙස සාදන ලද ජීප් රථයක් කැළණියේ නිවසක




නීති විරෝධී ලෙස කොටස් වශයෙන් මෙරටට ගෙන්වා සාදන ලද ජපානයේ නිෂ්පාදිත ටොයෝටා V8 වර්ගයේ ජීප් රථයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (19) සවස අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කිරිබත්ගොඩ පොලිස් වසමේ අංක 54/02 වේවැල්දූව කැළණිය යන ලිපිනයේ පිහිටි නිවසේදී මෙම සොයා ගැනීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට පත්ව ඇති සැකකරු වයස අවුරුදු 38ක් පමණ වූ ඩිලුක් චාමර නැමැති අයෙක්.

සිදු කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී අදාළ ජීප් රථය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බවත් මෙම ජීප් රථය ජපානයේදී සොරකම් කරන ලද එකක් බවත් අනාවරණය වී තිබෙනවා. අදාළ ජීප් රථයේ වෙළඳපොල වටිනාකම රුපියල් කෝටි 04ක් පමණ වන බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.