Saturday, April 20, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය යෝජනාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට

හේමන්ත කහවලගේ/සජිත් තිලකරත්න




බි‍්‍රතාන්‍ය සහ ජර්මනිය ඇතුළු පා්ර්ශ්ව කිහිපයක් එක්ව ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ මතභේදාත්මක යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත අද (20) ඉදිරිපත් කෙරෙනවා.

ශ‍්‍රී ලංකාව ද මෙම යෝජනාවට සම අනුග‍්‍රහය දක්වනු ඇති.

ශ‍්‍රී ලංකා ගෝලීය සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර ජිනීවාහි සිට නෙත් නිවුස් වෙත ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූවා.  එහිදී සඳහන් කෙරුණේ මෙතෙක් ඉටු නොවූ කාරණා අප ඉදිරි වසර දෙක තුළදී ඉටු කිරීමට අවශ්‍ය කරණ පසුබිම මෙම යෝජනාව මගින් ඉදිරිපත් කෙරෙන බවයි  

අද ඉදිරිපත් කෙරෙන මෙම යෝජනාව පිළිබඳ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ යෝජනාව මගින් ශ‍්‍රී ලංකාව ඇගයීමට ලක්කර ඇති බවත් එමගින් ශ‍්‍රී ලංකාවට අවැඩක් සිදු නොවන බවයි.