Friday, March 29, 2024

General line - 0115112241

2015 ජනවාරි සිට වංචා දූෂණ සෙවීමේ ජනපති කොමිසමට වැඩිම පැමිණිළි ආපු අමාත්‍යාංශය මෙන්න

සජිත් තිලකරත්න




2015 ජනවාරී 15 වැනිදා සිට 2018 වසර අවසානය දක්වා රාජ්‍ය ආයතනවල සිදු වූ මහා පරිමාණ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව වෙත පැමිණිලි 1,142ක් ලැබී තිබෙනවා.

මෙම කොමිසන් සභාව වෙත පැමිණිලි භාර ගැනීම ඊයේ (19) පස්වරු 05.00න් අවසන් වුණා. 

තමන් වෙත ලැබී ඇති පැමිණිලිවලින් වැඩිම ප‍්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යංශයට සහ ඊට අනුබද්ධ ආයතනවලට අදාළ බවයි කොමිසන් සභාවේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා රේගුව, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික පශූ සම්පත් මණ්ඩලය, ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය සහ කොළඹ මහ නගර සභාව සම්බන්ධයෙන්ද පැමිණිලි වැඩි ගණනක් ලැබී තිබෙනවා.

මෙම පැමිණිලිවලින් වැඩිම ප‍්‍රමාණයක් ඉහළ නිලධාරීන් විසින් සිදු කෙරුණු බලපෑම් මත ටෙන්ඩර් ලබාදීමේ දී සිදුව ඇති මුදල් වංචා පිළිබඳවයි. 

තමන් වෙත ලැබී ඇති පැමිණිලි 1142න් 48ක් පිළිබඳ විමර්ශන දැනටමත් ආරම්භ කර ඇතැයි ද කොමිසන් සභාව පැවසුවා. පැමිණිලි 760ක් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.