Wednesday, April 24, 2024

General line - 0115112241

කඩුවෙල බබීත් හෙරොයින් සමග කොටු

හේමන්ත කහවලගේ




ප‍්‍රධාන පෙලේ තවත් මත්කුඩු ජාවාරම්කරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හෙරොයින් කිලෝග‍්‍රෑම් එකහමාරකට වැඩි ප‍්‍රමාණයක් සහ කේරළ ගංජා කිලෝග‍්‍රෑම් එකහමාරකට වැඩි ප‍්‍රමාණයක් ද සමගයි.

මෙම පුද්ගලයා ඉසුරු චමින්ද සමරතුංග හෙවත් කඩුවෙල බබී නැමැත්තෙක්.

ඔහු කුප‍්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ පාර්ශ්වයේ සාමාජිකයෙකු බව කියන ප‍්‍රින්ස් කොලම් නැමැත්තාගේ සමීපතමයෙකු බවද හෙළිකර ගෙන තිබෙනවා.