Friday, March 29, 2024

General line - 0115112241

ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකුට වෙඩි ප්‍රහාරයක් (PHOTOS)

ගුණරත්න ගමගේ




බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකුට නිවස තුළදී වෙඩි වැදී තිබෙනවා.

වෙඩි ප්‍රහාරයන් 04ක් පමණ එල්ල වී ඇති බවට සැක කෙරෙන අතර ඔහුගේ කකුලකට වෙඩි වැදී ඇති බවයි වාර්තා වුණේ.

අප වාර්තාකරු සඳහන් කළේ නිවසේ ඔහුගේ කාමරයේ ඇඳ අසළදී මෙම වෙඩි තැබීම කිසියම් අයෙකු විසින් සිදු කර ඇති බවට පැවසෙන බවයි.

අමරකෝන් මනම්පේරිගේ කපිල ප්‍රියදර්ශන නම් මෙම මන්ත්‍රිවරයා අද (20) උදෑසන 6.15ත් 7.30ත් අතර කාලයේදී මෙම සිද්ධියට මුහුණ දී ඇති බවයි වාර්තා වෙන්නේ.

බෙලිඅත්ත පල්අත්තර දෙබොක්කාව මෝදරවාන ප්‍රදේශයේ නිවසක් තුලදීයි මෙම වෙඩි වැදීම සිදුව ඇත්තේ. මේ වන විට ඔහු තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.