Wednesday, April 24, 2024

General line - 0115112241

පුතෙක් මවගේ කණ සපා කයි - මවගේ කණට බරපතල තුවාල

දිනසේන රතුගමගේ




මව සමග කිසියම් ආරවුලක් ඇති කරගත් පුතෙකු එම මවගේ කණ සපා කෑමේ සිද්ධියක් වාර්තා වුණා.

මවකගේ කණ සපා කන ලද  පුතා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු  අප්‍රේල් මස 01 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසයි යාපනය දිසාවිනිසුරුවරිය වන ගායාත්‍රි සෙල්වම් නියෝග කොට ඇත්තේ.

යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මව සමග කිසියම් සිද්ධියකට ආරවුලක් ඇතිකරගත් ඇගේ පුතා මවගේ කණ සපා කා තිබෙනවා.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය රෝහල් පොලීසිය තුවාල ලද මවගෙන් ලබාගත් කට උත්තරයකට අනුව අදාල පුත්‍රයා අත්අඩංගුවට ගැණුනා.