Friday, April 19, 2024

General line - 0115112241

විදුලි පාරිභෝගිකයන්ගෙන් යළි ඉල්ලීමක්

ඩිල්ෂාන් මඩවල/ දිල්ශාන් තුෂාර




විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සියලූ පාරිභෝගිකයින්ගෙන් නැවත ඉල්ලීමක් කරනවා.

එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත‍්‍රය මේ වනවිට පද්ධතියට එක්කර තිබෙන බවයි. එහෙත් ඉහළ විදුලි ඉල්ලුම සැපයීම පහසු නොවන බවද ඔහු පෙන්වා දුන්නා. 

කාර්යක්ෂම විදුලි උපකරණ භාවිතා කරන්නට යොමුවන ලෙසත් අනවශ්‍ය ලෙස විදුලිය නාස්ති වන්නේ නම් වහාම ඒවා නතර කරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

ප‍්‍රමාණවත් තරම් වැසි නොලැබීම නිසා විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශ කිහිපයක ජල මට්ටම ඉකුත් දිනවල සීඝ‍්‍රයෙන් පහල ගියා.

ජාතික විදුලි අවශ්‍යතාවයෙන් මේ වනවිට ජල විදුලිය නිපදවෙන්නේ සියයට 16.2ක් පමණයි. සියයට 52කට වැඩි ප‍්‍රමාණයක් විදුලිය නිපදවෙන්නේ ඛණිජ තෙල්වලින්. ගල් අඟුරු මගින් නිපදවෙන විදුලි ප‍්‍රමාණය ජාතික අවශ්‍යතාවයෙන් සියයට 31ක් පමණ වනවා.