Saturday, April 20, 2024

General line - 0115112241

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ රැඳවූවන් පිරිත් සඡ්ජායනා කරන පිංකමක් බන්ධනාගාරයේ

නිශාන් ද සිල්වා




ත‍්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය නිමිත්තෙන් අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සර්ව රාත‍්‍රික පිරිත් පිංකමක් සංවිධාන කර තිබෙනවා.

මෙහි විශේෂත්වයක් වන්නේ පිරිත් සජ්ජායනා කරනු ලබන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ රැඳවූවන් 10 දෙනෙකු විසින් වීමයි.

අද (20) රාත‍්‍රී 08.00ට පිංකම ආරම්භ කෙරෙනවා. පිරිත් සජ්ජායනය සඳහා මණ්ඩපය ඉදිකර තිබෙන්නේ  අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේයි. මණ්ඩපය සැකසීම සහ සෙසු සියලු සැරසිලි ද රැඳවූවන් විසින්ම සිදු කර තිබෙනවා. 

මේ අතර ත‍්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය ප‍්‍රකාශයට පත්කර ඇත්තේ තේරවාද ත‍්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන්නැයි යුනෙස්කෝ සංවිධානයට යෝජනා කිරීමට සමගාමීවයි.