Saturday, April 20, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගවල යන රියදුරන්ට පහසුකම් කිහිපයක්

දිල්ශාන් තුෂාර




අධිවේගී මාර්ග දෙපස රියදුරන්ට බාධා වන පරිදි සවිකර ඇති දැන්වීම් පුවරු ඉවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්‍ෂ එස්. ඕපනායක පවසනවා.

පොලිසියට සහ නාගරික සංවර්ධන අධිකාරියට ඒ පිළිබඳ දැනටමත් දැනුම් දී ඇති බවයි ඔහු නෙත් නිවුස් වෙත පැවසුවේ. 

එහිදී ප්‍රකාශ කෙරුණේ "අධිවේගී මාර්ගයේදී රියදුරන්ගේ දර්ශනයට බාධා නොවන තත්ත්වයක් තියෙන්න ඕනේ. අධිවේගී මාර්ගව දෙපස තිබෙන ඉඩම්වල ඉඩම් පරිහරණය ගැන රෙගුලාසි තියෙනවා. ඒවා උල්ලංගණය කරලා දැන්වීම් පුවරු විශාල ප්‍රමාණයක් සවිකරලා තියෙනවා. " යනුවෙනි.

මෙම වසර තුළ ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තවත් පුළුල් වන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

"ජූලි මාසයේ වගේ පිටත වටරවුම් මාර්ගයේ තුන්වැනි අදියර විවෘත වෙනවා..කඩවත ඉඳලා කෙරවලපිටිය දක්වා."

(ඒ පිළිබඳ තවත් අදහස් පහතින් අහන්න)

අධිවේගී මාර්ගවල මුදල් ගෙවීම සඳහා විද්‍යුත් ක‍්‍රමය හඳුන්වා දීමට ද ඉදිරියේ දී කටයුතු කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.