Saturday, April 20, 2024

General line - 0115112241

කූඨ ලෙස සැකසූ රියදුරු බලපත්‍ර (PHOTO)




රාජගිරිය ප්‍රදේශයේදී කූඨ ලෙස සකස්කරන ලද ව්‍යාජ රියදුරු බලපත්‍ර තොගයක් සමග වයස අවුරුදු 48ක් වූ අංක 799/04/සී මොරවිටිය පාර, රාජගිරිය ලිපිනයේ පදිංචි ගීගනගේ ප්‍රීති ශාන්ත නැමැති සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) රාත්‍රියේ 8.30ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී සොයා ගත් ව්‍යාජ රියදුරු බලපත්‍ර ගණන 54ක්.

මෙම ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කරන ස්ථානය සොයා ගැනීම සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.