Wednesday, April 17, 2024

General line - 0115112241

පුහුණු ව්‍යාපෘති සහකාරවරුන් 7,500 ක් බදවා ගැනීමට කැබිනට් අනුමැතිය

කසුන් කැළුම්




පුහුණු ව්‍යාපෘති සහකාරවරුන් 7,500 ක් බදවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්.

ඒ අනුව ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන යන අමාත්‍යාංශ සදහා පුහුණු ව්‍යාපෘති සහකාරවරුන් බදවා ගැණෙනු ඇති. උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය සදහාද පුහුණු ව්‍යාපෘති සහකාරවරුන් බදවා ගැනීමට නියමිතයි.

සංවර්ධන ව්‍යාපෘතීන් ඵලදායි අන්දමින් කි‍්‍රයාත්මක කිරීම සහ ඒවා සමීප අධීක්‍ෂණයට ලක් කිරීම මෙම බදවා ගැනීම්වල අරමුණයි.

එලෙස තෝරා ගනු ලබන අයදුම්කරුවන් වසරක කාලසීමාවක් සදහා කොන්ත‍්‍රාත් පදනමින් පුහුණු ව්‍යාපෘති සහකාර තනතුරට පත් කරනු ඇති.

ඔවුන් සදහා රුපියල් පහලොස් දහසක මාසික දීමනාවක් ගෙවීම සදහා අග‍්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.