Friday, March 29, 2024

General line - 0115112241

මන්නාරම සමූහ මිනීවළේ කැණීම් පිළිබද තවත් සාකච්ඡාවක් අනිද්දා

මාධව කුලසූරිය




මන්නාරම සමූහ මිනීවළ කැනීම් නැවත සිදු කිරීම සම්බන්ධයෙන් වන සාකච්ජාවක් අනිද්දා මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණ සංකීර්ණයේදී පැවැත්වෙනවා.

සමූහ මිනිවළ සම්බන්ධයෙන් වන කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව ඉකුත් 07 වැනිදා මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මහජන ලියවිල්ලක් මගින් ප‍්‍රසිද්ධියට පත් කළා.

ඒ අනුව මාර්තු මස 08 වැනිදා කැනීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙසටයි මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේ.

දත්ත වාර්තා අනුව අදාළ අස්ථි සාම්පල කි‍්‍රස්තු වර්ෂ 1450 ත් 1650 ත් අතර සීමාවක පෙන්නුම් කරන බවට අනාවරණය වුවද එහි කාලසීම නිශ්චිතව ප‍්‍රකාශ කිරීම ඒ තුළින් සිදුකළ නොහැකි වන බවයි දත්ත විශ්ලේශකයින් පැවසුවේ.

සමූහ මිනිවළ තුළින් මාර්තු 08 වැනිදා වන විට දින 156 ක කාලයක් පරීක්ෂණ පැවැත්වු අතර, මිනිවළ තුළින්  මිනිස් සිරුරු 342 ක අස්ථි කොටස් මතුකර කරගෙන තිබුණා.