Saturday, April 20, 2024

General line - 0115112241

ති‍්‍රපිටකය ලෝක උරුමයක් කිරීමේ තාක්‍ෂණික කි‍්‍රයාවලියට විද්වත් කමිටුවක්

කසුන් කැළුම්




ථෙරවාදී පාලි ති‍්‍රපිටකය යුනෙස්කෝ ලෝක උරුම ලේඛණයට ඇතුළත් කිරීම සදහා වන තාක්‍ෂණික කි‍්‍රයාවලිය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් දස පුද්ගල විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති ජේ්‍යෂ්ඨ අතිරේක ලේකම් ඇසල වීරකෝන් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුමගේ ප‍්‍රධානත්වයෙන්.

මෙම කමිටුවට මහාචාර්ය පූජ්‍ය මැදගම්පිටිය විජිතනන්ද හිමි, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජී. විජිත නන්ද කුමාර්ද ඇතුළත්.

ශී‍්‍ර ලංකා යුනිස්කෝ කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් පේ‍්‍රමලාල් රත්නවීර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී බී මණ්ඩාවල, මහාචාර්ය කේ.ඞී. පරණවිතාන, මහාචාර්ය මාලනී ඇදගම, මහාචාර්ය පී බී නන්දදේව සහ මහාචාර්ය චන්දිම විජයබණ්ඩාරද මෙම දස පුද්ගල විද්වත් කමිටුව ඇතුළත්ව සිටිනවා.

එම කමිටු සාමාජිකයන් වෙත පෙත්වීම් ලිපි ප‍්‍රදානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.