Saturday, April 20, 2024

General line - 0115112241

ගත වූ සිව් වසරේදී මහජන සේවාවන් ශක්තිමත් වූ බව ජනපති කියයි

ලහිරු කපුගේ/කසුන් කැළුම්




කවුරුන් කුමන විවේචන සිදුකළද ගත වූ සිව් වසර තුළ රටේ මහජන සේවාවන් වඩා ශක්තිමත් වී ඇති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

අහිංසක ජනතාව වෙනුවෙන් එම සේවාවන් තවදුරටත් පුළුල් කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේ. අනුරාධපුර මෙත්සිරි සෙවන වකුගඩු රෝගී සහන සත්කාර සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය අද විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

මේ වනවිට වකුගඩු රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.