Friday, April 19, 2024

General line - 0115112241

පාසල් ළමුන් 51ක් සිටි බස් රථයට රියදුරා ගිනි තබයි

දිනුක් හේවාවිතාරණ




පාසල් ළමුන් 51 ක් දෙනෙක් රැගත් බස් රථයක් එහි රියදුරා විසින් පැහැරගෙන ගොස් ගිනි තබා ඇති බවට වන පුවතක් ඉතාලියේ මිලානෝ නගරය ආසන්නයෙන් වාර්තා වනවා.

මෙම බස් රථය තුල සිටි දරුවන් 51 දෙනාම නිරුපද්‍රිතව බේරා ගැනීමට අසල සිටි පිරිස් විසින් සමත්ව ඇත්තේ බස් රථයේ පසුපස වීදුරුව කඩා දැමීමෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. රියදුරා විසින් බස් රථයේ සිටි ඇතැම් ළමුන්ගේ දෑත් දෙපා ගැට ගසා තිබු බවයි මෙහිදී වැඩිදුරටත් අනාවරණය වුයේ. 

සෙනගාල් රාජ්‍යයේ සිට ඉතාලියට සංක්‍රමණය වූ බව කියන 47 හැවිරිදි මෙම සැකකාර බස් රථ රියදුරා ඉතාලියේ පුරවැසි භාවය හිමි අයෙක් බවයි හෙළිවී ඇත්තේ. ඔහු මේ වන විට අත්අඩංගුවට ගැනීමට ඉතාලි ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

බස් රථයේ සිටි බව කියන පාසල් ගුරුවරයෙක් ප්‍රකාශ කර සිටියේ ඉතාලි රජය විසින් සංක්‍රමණිකයින් සඳහා පනවා තිබෙන නීති සම්බන්ධයෙන් මෙම බස් රථ රියදුරා අප්‍රසාධයෙන් පසුවූ බැවින් මෙලෙස අපරාධයක් සිදුකිරීමට උත්සහ දරන්නට ඇති බවයි.