Tuesday, April 23, 2024

General line - 0115112241

මිනී මැරීමකට සහය දුන් කාන්තාවක් අත්අඩංගුවට




මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට සිටි තිදෙනෙකුට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් ඉකුත් 14 වැනිදා සිදු වුණා.

මෙම වෙඩි තැබීමෙන් එම නිවස ඉදිරිපිට මාර්ගයේ සිටි බස් රථ හිමිකරුවෙකු සහ ඔහුගේ පුතාගේ මිතුරෙක් මිය ගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ට නවාතැන් ලබාදුන් සැකකාරියක් ඊයේ (20) වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය වයස අවුරුදු 34ක් වූ අංක 15, සහබන්දු වත්ත, පැලෑන වැලිගම ලිපිනයේ පදිංචිකාරිනියක්.