Friday, April 19, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රඳවා සිටින වැලිකඩ 'YO' වාට්ටුවේ සඟවා තිබූ යතුර ගැන ලොකු සැකයන්

නිශාන් ද සිල්වා




වැලිකඩ බන්ධනාගාරයේ ‘වයි  ඕ’ වාට්ටුවේ තිබී මංචු යුගලයක යතුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස එම යතුර හමුවී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රඳවා සිටි සිර මැදිරියක ඔවුන් ඇදුම් තබන ස්ථානයේ සඟවා තිබියදීයි.

වැලිකඩ බන්ධනාගාරයේ උපකරණ ගබඩාවෙන් එම යතුර ලබාගන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. බන්ධනාගාර නිලධාරීන්ගේ සහය ඒ සඳහා ලැබී ඇති බවටද සැක කෙරෙන බව බන්ධනාගාර ආරංචි පැවසුවා.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ 'එල්' වාට්ටුවේ තිබී ජංගම දුරකතන තුනක්ද සොයාගත් බව බන්ධනාගාර ආරංචි පැවසුවා. බන්ධනාගාර නිලධාරීන්ගේ සහායක් නොමැතිව නීතිවිරෝධී ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට රැගෙන යා නොහැකි බවයි බන්ධනාගාර උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ.

වැලිකඩ බන්ධනාගාරයේ නීතිවිරෝධී කටයුතුවල යෙදී සිටින බන්ධනාගාර නිලධාරීන් හය දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් විසින් මුදලට නීතිවිරෝධී ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට රැගෙන යන බවද සඳහන්. එම පිරිසට එරෙහිව කඩිනමින් විනය කි‍්‍රයාමාර්ග ගන්නා බවද බන්ධනාගාර ආරංචි පැවසුවා.