Friday, March 29, 2024

General line - 0115112241

LTTEයෙන් බැට කෑ දෙමළ කි‍්‍රයාකාරිකයෙකු ජිනිවා නුවරදී කරුණු දැක්වීමට සැරසෙයි

කසුන් කැළුම්/ ලහිරු කපුගේ




ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිල සැසි වාරයට සමගාමීව පැවැත්වෙන සමාන්තර සැසි වාරයකට ශී‍්‍ර ලංකා ගෝලීය සංසදය අද (21) එක් වනවා. 

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ විවිධ හිංසනවලට ලක් වු දෙමළ ජාතික මානව හිමිකම් කි‍්‍රයාකාරිකයෙකුද මෙහිදී කරුණු දැක්වීමට නියමිත බවයි එම සංසදයේ ප‍්‍රධාන ලේකම් නීතිඥ ගැමුණු කරුණාරත්න සඳහන් කළේ.

එම සමාන්තර සැසිය අමතන සිය නියෝජිතයින් පිළිබඳව ද ඔහු මෙහිදී අදහස් පළ කළා.

මේ අතර සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් කරමින් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ‍්‍රී ලංකාව පිළිබඳ ඊයේ (20) ඉදිරිපත් කළ වාර්තාව අද (21) දිනයේ මානව හිමිකම් සැසියේදී විවාදයට ගැනීමට ද නියමිතයි.