Friday, March 29, 2024

General line - 0115112241

මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයක් මෙරට පිහිටුවීම ගැටලුවක් නොවන හේතු කිරිඇල්ල පෙන්වයි

කසුන් කැළුම්/ ලහිරු කපුගේ




ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයක් මෙරට පිහිටුවීමේ ගැටළුවක් නොමැති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ ඉදිරිපත් කෙරුණු යෝජනාව පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

එහිදී "කාර්යාල පිහිටුවනවට විරුද්ධ වෙන්නේ මේ රටේ මානව හිමිකම් කඩවීම් හංගන්න තියෙනවා නම් තමයි. අපිට හංගන්න දෙයක් නෑ...යහපාලන ආණ්ඩුවට හංගන්න දෙයක් නෑ.  අපිට කරන්න පුළුවන් දේවල් සහ කරන්න බැරි දේවල් ක්‍රමාණුකූලවයි පෙන්වා දෙන්න ඕනේ. ඒකයි අපේ වැඩපිළිවෙල. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩු කාලේ අපි හිටියේ ආර්ථික සම්භාදක අභියස. අපි විදුලි පුටුවෙනුත් එතුමාව බේරගෙන.. ආර්ථික සම්භාදකත් බේරගෙන ඉස්සරහට ආවා." යනුවෙන් සඳහන් කළා.

දෙමුහුණු අධිකරණයක් මෙරට ස්ථාපිත කිරීමට කෙරුණු යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී විමසීමක් කෙරුණා. 

එහිදී සඳහන් කෙරුණේ "මුල් යෝජනාවේ තියෙන්නේ තාක්ෂණික දැනුම. විනිසුරුවරුන් ගේන්න කියලා ඔතන නෑනේ. පසුගිය කාලයේ අපේ අධිකරණ ස්වාධීනයි කියලා අපි පෙන්වලා තියෙනවා.. මේක තවදුරටත් ඉදිරියටත් වර්ධනය කළොත් අපිට අවශ්‍ය විදිහට කටයුතු කරන්න පුළුවන්. අපේ රජය මානව හිමිකම් කවුන්සිලය සමග සංවාදයක යෙදෙනවා.. කැත්තට පොල්ල වගේ ඉඳලා මේක කරන්න බෑ" යනුවෙනි.