Friday, April 19, 2024

General line - 0115112241

ජේතවනාරාම සෑරද වන්දනා මහා පිංකමට කටයුතු සූදානම් කෙරේ

කසුන් කැළුම්/ ලහිරු කපුගේ




නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන ජේතවනාරාම සෑරද වන්දනා මහා පිංකම ලබන සෙනසුරාදා (23) පැවැත්වෙනවා.

රට එක්සේසත් කළ සියලු රජවරුන්ට සහ මියගිය රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමත්, සුජීවත් රණවිරුවන්ට සෙත් පැතීමත් මෙම පිංකමේ අපේක්ෂාවයි.

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව ද පිංකම සඳහා සහය ලබාදෙනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි සහ ගජබා රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දුන්නේ රට වෙනුවෙන් දිවිපුදා සේවය කළ සියලූම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මෙවන් පිංකමක් සංවිධානය කිරීම වඩාත් අගය කළ යුතු බවයි.  රට වෙනුවෙන් දිවිපිදූ පවුල්වල ළඟම ඥාතීන් හැකි අයුරින් මේ සඳහා සහභාගී වන ලෙසද සියලුම රජරට ජනතාවට ද මීට ආරාධනා කරන බවද පෙන්වා දුන්නා.