Thursday, April 18, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන් ගැන සිංගප්පුරුවෙන් ප්‍රකාශයක්

කසුන් කැළුම්




හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අවශ්‍ය නිසි වාර්තා සහ ලේඛන ශ‍්‍රී ලංකා රජය ලබා දෙන්නේ නම් ඔහු රටින් පිටුවහල් කිරීමට හැකි බව සිංගප්පුරු රජය පවසනවා.

ශ‍්‍රී ලංකාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට අවශ්‍ය වැරදිකරුවන් පිටුවහල් කිරීමට සිය රජය නීතියෙන් බැඳී සිටින බවයි සිංගප්පූරු රජය ප‍්‍රකාශ කළේ.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය මෙතෙක් සහය ලබා දී නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉකුත්දා ප‍්‍රකාශ කළා.

ඊට ප‍්‍රතිචාර දක්වමින් සිංගප්පූරු විදේශ අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ සිය රජය එය ප‍්‍රතික්ෂේප කරන බවයි.