Tuesday, April 23, 2024

General line - 0115112241

ශ්‍රී පාද නාම පුවරුවේ ඉංග්‍රීසි සහ දෙමළ භාෂා නම්වලට තාර ගැසූ පිරිස් CCTV ඔස්සේ සොයයි

කසුන් කැළුම්/ ලහිරු කපුගේ




නල්ලතන්නිය ශී‍්‍ර පාද පිවිසුමේ පියගැට පෙළ ආරම්භක ස්ථානයේ ඇති ශී‍්‍ර පාදස්ථාන නාමපුවරුවේ දෙමළ සහ ඉංගී‍්‍රසි භාෂාවලින් සඳහන් වැකි කිසියම් පිරිසක් විසින් තාර ගල්වා මකා දැමීමේ සිද්ධිය පිළිබඳ පොලීසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ශී‍්‍ර පාදස්ථානය යන නම ඇතුළත් නාමපුවරුව භාෂා ති‍්‍රත්වයෙන්ම ඇතුළත් කරමින් ඉකුත්දා ස්ථාපිත කරනු ලැබුවේ මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව විසින්. එම පුවරුවේ ඉංගී‍්‍රසි සහ දෙමළ සටහන් තාර ගල්වා මකා දැමීම හේතුවෙන් වතුකම්කරුවන් සහ ප‍්‍රදේශවාසීන් අතර ඊයේ (20) උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

ඒ ආශ‍්‍රිතව ඇති ආරක්‍ෂිත කැමරා උපයෝගී කර ගනිමින් පරීක්‍ෂණ ආරම්භ කරන බවයි නල්ලත්නිය පොලීසිය පැවසුවේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛතී‍්‍ර ගුණරත්නගෙන් විමසීමක් කළා. ජාතිවාදි ගැටුම් නිර්මාණය කිරීමේ අරමුණින් සිදු කළ මෙම ක‍්‍රියාවට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තමන් පොලිසියට උපදෙස් ලබාදුන් බවයි එහදී ඔහු කියා සිටියේ. 

අන්තවාදී ක‍්‍රියා සඳහා තමන් ඉඩ ලබා නොදෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.