Friday, March 29, 2024

General line - 0115112241

කෙසෙල්වත්තේ දෙපිරිසක් අතරේ ගැටුමට හේතුව හෙළිවෙයි (VIDEO)

හේමන්ත කහවලගේ




පානදුර කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමට හේතුව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ත‍්‍රීරෝද රථයකින් පානදුර දෙසට ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු විසින් දිග්ගල පූර්වාරාමය අසළ දී මාර්ගය අවහිර කරමින් ජංගම දුරකතනයකින් ඇමතුමක් ලබාගනිමින් සිටි පුද්ගලයෙකුගෙන් ඒ පිළිබඳ විමසීමක් කර තිබෙනවා.

එහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුව තවත් කිහිප දෙනෙකු මෙම ගැටුමට සම්බන්ධ වී තිබෙනවා.

ගැටුමෙන් පසු පානදුර කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ ජංගම මුර සංචාර ද ක‍්‍රියාත්මක කර ඇති බවයි පොලිසිය පැවසුවේ. 

සිද්ධිය සම්බන්ධයෙන්  පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන අතර ඊට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසුවා.