Thursday, April 25, 2024

General line - 0115112241

වෘත්තීය පුහුණු විෂයන් රිෂාඞ්ගේ අමාත්‍යංශයට පැවරීම ගැන මැතිසබයේදී විරෝධයක්

සමන්ත කුමාර




අයවැය තුන්වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ අද (21) 07 වන දිනයයි. ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය, පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යංශය සහ විශේෂ ප‍්‍රදේශ සංවර්ධනය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් අද විවාදයට ගැනෙනවා.

විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පැවසුවේ පවුල් ලක්ෂ 06කට අලුතින් සහනාධාර ලබා දීමට රජය තීරණය කිරීම තුළ ගෙවී ගිය වසර 04ක පාලන කාලයේ රටේ අඩු ආදායම් ලාභීන් වැඩි වී ඇති බව පිළිගැනීමට සිදුව ඇති බවයි. 

මේ අතර වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන විෂයන් අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට අයත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතට පැවරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන සභාවේදී ප‍්‍රශ්න කළා.

එහිදී "විශ්ව විද්‍යාල ටික කර්මාන්ත අමාත්‍යාංශයට පවරණ ලංකා ඉතිහාසයේ පළමු වතාව තමයි මේක" යනුවෙන් සඳහන් කළා.

ඊට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අමාත්‍ය පී. හැරිසන් පිළිතුරු ලබා දුන්නා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා ද එම සංවාදයට මැදිහත් වුණා.