Wednesday, October 23, 2019
Hotline - 0770586666

‘‘ ත‍්‍රිපිටකය ලෝක උරුමයක් විය යුත්තේ ඇයි ’’ - කැනඩාවේදී සමුළුවක්

හේමන්ත කහවලගේ

4054Views

 

 

 

 


ත‍්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව කැනඩාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ද සමුළුවක් පවත්වා තිබෙනවා.

ඒ, ‘‘ ත‍්‍රිපිටකය ලෝක උරුමයක් විය යුත්තේ ඇයි ’’ යන මැයෙන්.

එහිදී සමුළුව ඇමතු කැනඩාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් අශෝක ගිරිහාගම පැවසුවේ ත‍්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවයි.

පාලි භාෂාවෙන් සටහන්ව ඇති ත‍්‍රිපිටකය සදොස් ලෙස පරිවර්තනය කිරීම හෝ අර්ථකතනය කිරීම වැළැක්විය යුතු බවයි ඔහු කියා සිටියේ. ත‍්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු එවැනි තත්ත්වයන් වැළැකී යනු ඇති බවද කැනඩාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් එහිදී ප‍්‍රකාශ කළා. 

ත‍්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලීමක් කිරීමට ශ‍්‍රී ලංකා රජය මේ වනවිටත් සූදානමින් සිටිනවා. ඒ අනුව යුනෙස්කෝ ආයතනය ද ඉදිරියේ දී එය සිදු කරනු ඇති බවයි කැනඩාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මෙම සමුළුවේදී වැඩිදුරටත් පැවසුවේ.