Saturday, April 20, 2024

General line - 0115112241

ජල ගැලීම් නිසා දින 06ක් ගස්උඩ සිරවූ මොසැම්බික් වැසියන් මුදා ගැනීම් ඇරඹෙයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අපි‍්‍රකානු රාජ්‍යයන් කැළඹූ ඉඩායි සුළි කුණාටුව සමග බලපෑ ගංවතුර හමුවේ ගස්මතට නැග සිය දිවි බේරාගත් මොසැම්බික් වැසියන් මුදා ගැනීම සඳහා මේවනවිට මෙහෙයුම් කි‍්‍රයාත්මකයි.

විදෙස් වාර්තා පැවසුවේ ගස් මත රැුඳී සිටින ඇතැම් කාන්තාවන් සිය කුඩා දරුවන් ජිවිතාරක්ෂක බෝට්ටු තුළට විසිකර පසුව ඔවුන් බෝට්ටු තුළට ගොඩවන බවයි.

සුළි කුණාටුව බලපා දින 06ක් පමණ ගතව ගියද මොසැම්බික් රාජ්‍යයේ ඇතැම් ප‍්‍රදේශ තවමත් අඩි 06ක් පමණ උසට ජලයෙන් යටවී ඇති බව ද විදෙස් මාධ්‍ය පැවසුවා.