Friday, March 29, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයෙන් කතානායකට විශේෂ ඉල්ලීමක්




හිටපු මහ බැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට අදාළ ලේඛණ මෙතෙක් සිංගප්පූරුව වෙත යොමු නොකිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම, ව්‍යවස්ථාදායක සභාව හමුවට කැඳවන්නැයි ඒකාබද්ධ විපක්ෂය කතානායකවරයාගෙන් අද ඉල්ලීමක් කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයි.

මේ අතර එහිදී මාධ්‍යවේදීන් නව සන්ධානය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාරගෙන් ප‍්‍රශ්ණ කළා.
 

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සන්ධානය ගොඩනැගීමේ මීලග සාකච්ඡා වටය අපේ‍්‍රල් මස 10වනදා පැවැත්වීමටයි අද රැස්වූ දෙපාර්ශවයේම නියෝජිතයින් එකගතාවකට පැමිණියේ. මේ එහිදී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර දැක්වූ අදහසයි.