Friday, March 29, 2024

General line - 0115112241

"මහින්දගේ ආණ්ඩුව ගූගල් මැප්ස් බලාගෙන මිනිස්සුන්ගේ ගම්මානත් වන රක්ෂිත ලෙස ගැසට් කළා" - බදියුදීන්ගෙන් පර්ලිමේන්තුවේදි චෝදනාවන්ට පිළිතුරු

තරංග රුක්ෂාන්/ සජිත් තිලකරත්න




විල්පත්තුව ආශි‍්‍රතව සිදුව ඇති වන විනාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අද උණුසුම් කතාබහක් ඇතිවුණා. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක, ස්ථාවර නියෝග යටතේ ඇසූ ප‍්‍රශ්ණයක් සමගයි.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඊට ලබා දුන්නේ මෙවන් ප‍්‍රතිචාරයක්.

එහිදී අනුර කුමාර දිසානායක මන්තී‍්‍රවරයා ප‍්‍රශ්ණ කළේ 2012 නිදහස් කළ ඉඩම්වලට අමතරව වෙනත් කිසිඳු ඉඩමක් එළි පෙහෙළි කර ඇත්ද යන්නයි. රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා ඊට ලබා දුන් ප‍්‍රතිචාරයයි මේ. 

මෙම සංවාදයට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ කතානායක කරු ජයසූරිය මහතාද එක්වුණා.

රක්ෂිත ලෙස අදාළ ඉඩම් නම් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් කළ ප‍්‍රකාශයකට පාර්ලිමේන්තු මන්ති‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා පිළිතුරු ලබා දුන් අතර එහිදී සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

වත්මන් වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග සංවාදයට එක්වෙමින් මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා.