Friday, April 19, 2024

General line - 0115112241

ඩොලරයට සාපේක්ෂව රුපියල ඉහළට

සමන්ත කුමාර




ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා. ශී‍්‍ර ලංකා මහබැංකුව අද (22) ප‍්‍රකාශයට පත් කළ විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 179.78 ක් ලෙසයි. මෙය ඉකුත් පෙබරවාරි 12 වනදායින් පසු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 180 සීමාවට වඩා පහත වැටුණු පළමු අවස්ථාව වනවා. 

ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ අගය රුපියල් 180 සීමාව ඉක්මවා ගියේ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදීයි.

මහබැංකුව අද ප‍්‍රකාශයට පත් කළ විනිමය අනුපාත අනුව ඩොලරයක ගැණුම් මිල අද සටහන් වූයේ රුපියල් 175. 93 ක් ලෙසයි. එය ඉකුත් පෙබරවාරි 13 වනදායින් පසු ඩොලරයක් සදහා වාර්තා වූ අඩුම ගැණුම් මිල වනවා.