Friday, March 29, 2024

General line - 0115112241

මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය පිළිබඳ ධීවරයින්ට කාලගුණය පිළිබඳ අනතුරු ඇගවීමක්




දිවයිනට බස්නාහිර දෙසින් වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර හා නාවික ප‍්‍රජාවට දැනුම් දෙනවා.

එම මුහුදු ප‍්‍රදේශවල මේවනවිට කි‍්‍රයාකාරී වළාකුළු පද්ධතියක් වර්ධනය වෙමින් තිබෙන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. දිවයිනට බස්නාහිර දෙසින් වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70 ත් 80ත් දක්වා ඉහළ යා හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.