Friday, April 19, 2024

General line - 0115112241

සරසවි වරම් නොලැබූ සිසුන්ටත්, රජයෙන් සහනයක්




විශ්ව විද්‍යාලවලට සුදුසුකම් නොලැබූ සිසුන්ට පුද්ගලික ආයතන හරහා ඉගෙනීමේ කටයුතු සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබා දීමට රජය කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මඩකලපුව වේබර් කී‍්‍රඩාංගනයේ අද (23) පැවැති ඉඩම් හිමිකම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ උත්සවයක් අමතමින්. 

වත්මන් ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය තහවුරු කළා සේ ඉඩමේ අයිතියත්, ඩිජිටල් දැනුමේ අයිතියත් ජනතාවට ලබා දෙන බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළේ.