Thursday, April 25, 2024

General line - 0115112241

දෝණි ගෙන් කෝලිට ප්‍රහාරයක්

දිනුක් හේවාවිතාරණ




2019 ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භක තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (23) සමත් විය.

කාසියේ වාසිය දිනු චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝණි ගේ ආරාධනාවට අනුව පළමුව පන්දුවට පහර දීමට පැමිණි විරාත් කොලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දු ඕවර 17.1ක් තුලදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 70 ක් පමණි.

ආරම්භක පිතිකරු පාර්තිව් පටෙල් රැස් කරගත් ලකුණු 29 හැරෙන්නට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාව ඉක්මවීමට නොහැකිවිය. චෙන්නායි සුපර් කිංග්ස් පන්දු කණ්ඩායම වෙනුවෙන් හර්බජාන් සිං සහ ඉම්රාන් තාහිර් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත්විය.

ලකුණු 71ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිය ඉලක්කය පන්දුවාර 17.4කදී සම්පුර්ණ කර ගනු ලැබුවේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමින්ය. එහිදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් අම්බට්ටි රායිඩු ලකුණු 28ක් සුරේෂ් රයිනා ලකුණු 19ක් වාර්තා කරන ලදී.

ඉන්දියානු ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ලකුණු 5000 සීමාව පසු කිරීමට සුරේෂ් රයිනා මෙහිදී සමත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය.