Tuesday, June 18, 2019
Hotline - 0770586666

දැවැන්තම ආයෝජන ව්‍යාපෘතිය හම්බන්තොටදී ඇරඹෙයි (UPDATE)

දිල්ශාන් තුෂාර

5346Views

 

 

 



මෙරට සිදු කරන දැවැන්තම අයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හම්බන්තොට මිරිජ්ජවිලදී අද (24) ඇරඹුණා.

තෙල් පිරිපහදු සංකීර්ණය පිළිබඳ විපක්ෂය නැගූ චෝදනාවලට එම උත්සවය අමතමින් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ප‍්‍රතිචාර දැක්වුවා.

එහිදී කියා සිටියේ "අපේ ප්‍රතිවාදීන් විවිධ කටකතා ප්‍රචාරය කළා. මෙතැන ඇත්තේ දේශපාලන ඉරිසියාව." යනුවෙනි.

අමාත්‍ය මංගල සමරවීර ද මෙහිදී අදහස් දැක්වුවා. ඔහු කියා සිටියේ සිය රජයේ වගකීම වන්නේ රට තව තවත් ණය නොකර සාර්ථක විදේශ ආයෝජන රටට ගෙන්වා ගැනීම බවයි.

මෙම දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අක්කර 200ක සිදු කෙරෙනවා. නව තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ඉදිකිරීම් මාස 44ක් තුළ අවසන් කිරීමට නියමිතයි. මිරිජ්ජවිල අපනයන සැලසුම් කලාපයේ ඉදිකිරීමට නියමිත සිමෙන්ති කර්මාන්තශාලාවෙන් වසරක දී මෙටි‍්‍රක් ටොන් 3.6ක සිමෙන්ති නිෂ්පාදනය කිරීම රජයේ අරමුණයි. අක්කර 64ක භූමියක් පුරා ඉදිකෙරෙන මෙහි සියලූ ඉදිකිරීම් මාස 18ක් තුළ අවසන් කිරීමට ද සැලසුම් කර තිබෙනවා. 

-------------------------------

අදට යෙදී ඇති අගමැතිගේ ජන්ම දිනයේ මෙරට ආර්ථිකයේ හැරවුම් ව්‍යාපෘතියට අත තබයි

(24-03-2019 07:08)

 

මෙරට සිදු කරන දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු අද (24) ආරම්භ වනවා.

ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70වෙනි ජන්ම දිනය ද අදට යෙදී තිබීම විශේෂත්වයක්.

මෙම දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අක්කර 200ක සිදු කෙරෙනවා. නව තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ඉදිකිරීම් මාස 44ක් තුළ අවසන් කිරීමට නියමිතයි.

මෙම අයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අදහස් පළ කරමින් සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂය බවට පත්වෙනු ඇති බවයි. මෙම ආයෝජනය හම්බන්තොට වරාය නිම කිරීම සඳහා ගිය මුදල මෙන් තුන් ගුණයක් බවත් සඳහන් කළා. 

මිරිජ්ජවිල අපනයන සැලසුම් කලාපයේ ඉදිකිරීමට නියමිත සිමෙන්ති කර්මාන්තශාලාවෙන් වසරක දී මෙටි‍්‍රක් ටොන් 3.6ක සිමෙන්ති නිෂ්පාදනය කිරීම රජයේ අරමුණයි.

අක්කර 64ක භූමියක් පුරා ඉදිකෙරෙන මෙහි සියලූ ඉදිකිරීම් මාස 18ක් තුළ අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

අද පැවැත්වෙන උත්සවයට සහභාගී වීම සඳහා ඕමාන් ඛණිජ තෙල් සහ ගෑස් අමාත්‍ය ආචාර්ය මොහොමඞ් හමාඞ් අප් රූමි ඇතුළු දූත පිරිසක්ද ඊයේ (23) දිවයිනට පැමිණියා. එම දූත පිරිස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ද ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.